Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Untitled Document
ශ්‍රී ලංකාවේ ජන ගී හා ජන කවි පැවත එන්නේ දුරාතීතයේ පටන්ය. ඇරඹුනේ කවදාද..නිමැවුනේ කවුරුන් විසින්ද යන්න කොතැනක හෝ සටහන්ව නැතත් අප ආදි හෙළයන් තම වෙහෙස හා කාන්සිය නිවා ගන්නට ගැයූ කවි අද ජන කවි බවට පත්ව තිබේ.හෙළයාගේ ප්‍රධාන ජීවනෝපාය වන ගොවිතැනට සම්බන්ධ වූ ජන කවි රැසකි. පැළ නෙලුමට නෙළුම් කවි ගැයූ ඔවුහු කරල් කපන දා ගොයම් කවි ගැයූහ.හේන් ගොවිතැනේ දී කුරහන් කවිද, පැලේ රාත්‍රිය ගෙවූ පාලුව නසන්නට පැල් කවිද ගැයූහ.ගැල් පුරවාගෙන ගමින් ගමට යන ගමනේදී රාත්‍රිය ගෙවුනේ කරත්ත කවි ගයමිනි.
Sri Lankan folk songs which is known as “JANA GEE”  or “JANA KAVI” has been originated during our olden times by our Sinhalese ancestors.These Sinhalese villagers used to sing these folk songs while they used to work in paddy fields specially in the night, and plumbago mines and also while rowing boats, while transporting goods in bullock carts.These folk songs were spontaneous feelings which arose in the villagers simple minds, which explained their tiredness and interest in work and so on… Even the mothers used to sing lullabies for their children to sleep. All these ideas and words came from their hearts.